මෙම චිත්‍රපටය ලංකාව තුළ නිර්මාණය වූ ඉතාමත් අලංකාර හොල්මන් චිත්‍රපටයකි.මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ ආදරය අහිමි වීම සහ අසාධාරණයකට ලක් වුනු ගැහැනියකගේ කතාවකි දේපල ලබා ගැනීමේ අරමුණෙන් මරාදමන ගැහැනියක් ඇයගේ මරණීන් පසු ඇයට මනුස්ස ආත්මයක් තිබියදී ලබා ගැනීමට නොහැකි වූ ආදරය මරණින් මතු ලබා ගැනීමට උත්සහ කරන අතර ඇය මරා දැමිමට මුල් වූ සියලුම අයවලුන් මරා දැමීම උදෙසා කටයුතු කරන ආකාරය ඉතාමත් කුතුහලය දක්වන අයුරින් නිර්මාණය කර ඇත පුරාවිද්‍යා ගවේෂණයක් සඳහා ගමට පැමිණෙන අලුත බැදපු යුවලක් වටා මෙම කතාව විහිදී යයි.එම යුවළ අතර තිබෙන අනවබෝධය නිසා මෙම ආත්මය ඔවුන්ව තම ගොදුරක් බවට පත් කර ගැනීමට කටයුතු කරයි. මේම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ සිනමා ශාලා වල ඉදිරියෙදි පෙන්විමට නියමිත අතර ඔබට dcinema.lk වෙබ් පිටුව හරහා මෙම චිත්‍රපටය නැරඹීමට අවස්ථාව ඇත.
All rights reserved. ©2026 Vishwaroopa.